Together, We can make a real Difference

ඉසුරුමත් වෘත්තීය ජීවිතයක් කරා...
කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා ජීවිතය ගොඩනගමු.

නූතන රැකියා වෙළෙඳ පොළෙන් තමන්ට ගැළපෙන සහ අවශ්‍ය කරන ආකාරයේ සංයුක්ත අපේක්ෂකයෙකු තෝරා ගැනීම ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යවසායකයන් වර්තමානයේ මුහුණ දී සිටින බරපතල ගැටලූවකි. ඒ විෂයානුබද්ධ වෘත්තිය දැනුම පිළිබඳ සුදුසුකම් ඇති අපේක්ෂකයන් කොතෙක් සිටිය ද ඒ හා සම්බන්ධ ප්‍රායෝගික නිපුණතාව සහිත අපේක්ෂකයන්ගේ බරපතල හිඟයක් පවතින නිසාය. ඒ අය අතරින් වෘත්තීය හා ශාස්ත්‍රීය සුදුසුකම් මෙන්ම ප්‍රායෝගික නිපුණතාව ඇති සුදුස්සා තෝරා ගැනීම කළුනික සෙවීම බඳුය.

මේ තත්ත්වය උදා වී ඇත්තේ ඔවුන් තම වෘත්තීය හා ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන සමයේ ඊට සරිලන හැකියාවන්වල, නිවැරදි ආකල්පවල සහ වටිනාකම්වල නිපුණතාවක් ලැබූ අය නොවීම නිසාය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තම ආයතනයට බඳවා ගන්නා සේවකයන්ගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔවුන්ගේ හැකියාවන්, නිවැරදි ආකල්ප සහ වටිනාකම් සහ නිපුණතාවන් වර්ධනයට බරපතල ලෙස අවධානය යොමු කරන්නට සහ ආයෝජනය කරන්නට ව්‍යවසායකයන්ට සිදුවීමය.

මූලික පාසැල් අධ්‍යාපනය සහ රැකියා වෙළෙදපොල

මූලික පාසල් අධ්‍යාපනය විභාග සාමාර්ථයකට සහ විෂය නිර්දේශයකට පමණක් සීමා වී ඇත. පාසැල් අධ්‍යාපනය මුලිකව ජීවීතයේ සාර්ථකත්වයට රුකුලක් වුවද, පාසලෙන් පසු ලෝකයම අවබෝධ කර ගනිමින් ඒ සඳහා මුලික අවධියේ සිටම දරුවා යොමු කිරීම සාර්ථකත්වයට ඉතා ඉවහල් වේ. ඒ ඒ වයසේදී දරුවාට ඉගැන්විය යුතු පාසැල් විෂය පරිබාහිර කුසලතා විශේෂයෙන් දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද දැනගත යුතුය.

2014 සංඛ්‍යා ලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහණය ශිෂ්‍යයන් 4,272,276 කි. ඔවුන්ට විෂයානුබද්ධ දැනුම ලබා දෙන ගුරුවරුන් 246,230 පාසැල් 10,973ක සිටි. මෙම සිසුන්ගෙන් 277,414 අ.පො.ස. (සාමාන්‍ය) පෙළට මුහුණ දෙන අතර, උසස් පෙළට පළමුවරට 207,304 දෙනෙක් පෙනි සිටියි. දෙවන සහ තුන්වන වරට මුහුණ දෙන සිසුන් සමග 298,549 දෙනෙක් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත. එයින් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇත්තේ සිසුන් 25,200 දෙනෙක් පමණි.

මෙම දත්තයන්ගෙන් කියැවෙන්නේ ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ ඇති විෂමතාවයි. සාමාන්‍ය පෙළෙන් 70,000 පමණ ද, උසස් පෙළෙන් පසු 270,000 පමණද පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා වෙළඳපොළට එකතු වෙයි. මෙය වෙළඳපොළ තුළ ඉතා තරඟකාරී වාතාවරණයක් මතු කරන තත්ත්වයකි. මෙම කුලකය තුළ ඉතා ඉක්මනින් රැකියා ලබාගන්නේ ඉංග්‍රීසි කතාකිරීමට හැකි, මෘදු කුසලතා සහ ආත්ම අභිමානයෙන් යුත් දරුවන්ය (විශේෂයෙන් ප්‍රමුඛ පෙළේ පාසල් වලින් අධ්‍යාපනය ලැබූ) ඒ එවැනි කුසලතා ඇති අයට පෞද්ගලික අංශය ඉහළ අගයක් ලබා දෙන නිසාය.

ඔවුන් බලන්නේ සමාන සුදුසුකම් ඇති අය අතුරින් ඉංග්‍රීසි දැනුම, මෘදු කුසලතා වැනි විශේෂ අමතර කුසලතා ඇති අයයි. ඒ එවැනි අයට ව්‍යාපාර දියුණුවට සුවිශේෂ කාර්යභාරයක් ඉටූ කළ හැකි බව ව්‍යවසායකයින් දන්නා නිසාය.

පූර්ණ ප්‍රායෝගික අධ්‍යාපනයක කාලීන අවශ්‍යතාවය

තම හැකියාවන්, අගයන් හා ශක්තීන් ධනාත්මකව යොදා ගනිමින් ජීවිත සාර්ථකත්වය සහ ජයග්‍රහණයට උසස් ආත්ම සම්මානනයක් සහිත පූර්ණ මිනිසෙක් සහ සාර්ථක වෘත්තිකයෙක් ඉදිරියේ දී බිහිකරන, දැනුම මනින තත්ත්වයන්ගෙන් ඔබ්බට ගිය, පූර්ණ ප්‍රායෝගික අධ්‍යාපනයක (360 Education) අවශ්‍යතාවය අද වඩ වඩාත් ඉස්මතු වී ඇත. අද දරුවන් තුළින් සිදුවිය යුත්තේ ඉදිරි අවශ්‍යතාව දැන ගැනීමත් ඒ සඳහා නිවැරදි ලෙස යොමු වී අවශ්‍ය කුසලතා සහ ගුණාංග ප්‍රගුණ කිරීමත්ය.

ආත්ම විශ්වාසය, ස්වයං භාවය, ශ්‍රේෂ්ඨත්වය හා ආත්ම තෘප්තිය ළං කරගත් පුද්ගලයා නිසැකයෙන්ම ජීවිතය දිනා සාර්ථකත්වය ලබා ගනී. ඔබට ජීවිතය දිනා සමාජයේ ඔබගේ සන්නාමය (brand) ස්ථාපිත කිරීමට අවශ්‍ය නම් සුභවාදී සිහින දකින්නන්ගේ දිරිගැන්වීම ආදරයෙන් පිළිගන්න. සමහරවිට ඔබ උපහාසයට පත්වන්නේ නව මගකට ඔබ යොමුවන විටදීය. ඒ අන්‍යයන් අනාගතය නොදකින නිසාය. එම නව මගෙහි ඔබගේ සාර්ථකත්වයේ සැතපුම් කණුව ඇත්තේ නම් නොබියව එම මගෙහි යන්න. මනා ඉදිරි ගමන්, නව සොයාගැනීම් සහ අභීත මිනිසුන් බිහිවූයේ සෑමවිටම එම නව මගෙහි ගිය චින්තනයක් සහිත මිනිසුන් නිසා බව අප හොඳින් දනිමු.

ඔබගේ අසුභවාදී සිතුවිලි සුභවාදී සිතුවිලි ලෙස වෙනස් කිරීමෙන්, තමන් හදුනා ගැනීමෙන් ජීවිත සාර්ථකත්වය ලබාගැනීමේ හැකියාව වැඩි කර ගත හැක. ඒ ඔස්සේ අර්බුද ජය ගැනීමටද විශ්මිත බලයක් ඔබට ළඟා කර ගත හැක.

සිහින දැක දැක ඉන්න - කාලයක් තවත් නැත
අවදිවන්න......
දොරගුළු හැර දා තබන්න - පිබිදී එන හෙට දවසට
(උපුටා ගැනීම: පුංචි පැළය හා වනස්පතිය)

සාර්ථක වෘත්තිකයෙක් වීමට කුඩා අවදියේ සිටම සූදානම්වීම

ඔබගේ ජීවිතයේ 'විභාග සමත්වීම්', 'උපාධි' සහ 'ඩිප්ලෝමා' අත්‍යාවශ්‍ය බව සත්‍යයකි. එහෙත් ඔබගේ Qualifications සහතිකයට සෑම දෙයක්ම කළ නොහැකි බවද ඔබ දැන ගත යුතු සත්‍යයකි. අද විශේෂයෙන්ම පුද්ගලික අංශය සොයන්නේ තම අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීමට උපරිම දායකත්වයක් ලබා දීමට හැකි බහුවිධ හැකියාවන්ගෙන් යුතු (multi-faceted) වෘත්තිකයන්ය.

කුඩා සහ පාසල් යන දරුවාගේ මානසික හා පුද්ගල සංවර්ධනයෙන් පටන් ගන්නා මෙම ප්‍රායෝගික කුසලතා වර්ධන ක්‍රියාවලිය පාසල් හැරගිය අයට මෙන්ම රැකියාවල නියුතු වෘත්තිකයන් දක්වා විහිදී යන පුළුල් පරාසයක් ඇති ක්‍රියාවලියකි.

මෙහිදී ඉතාමත්ම වැදගත් මූලික සංවර්ධන අංගයක් විය යුත්තේ,

  • උසස් ආත්ම සම්මානනයක් සහ
  • උසස් ආත්ම විශ්වාසයක් ගොඩනැගීමයි.

ආත්ම සම්මානනය යනු තමාගේ ශක්තීන්, වටිනාකම හා අගයන් පිළිගෙන තමන් තුළ ඇති විශ්වාසය පිළිබඳ තක්සේරුවයි. උසස් අරමුණක් සඳහා කැපවන්නේද එය දිනෙන් දින ඉදිරියට ගෙන යන්නේද උසස් ආත්ම සම්මානනයක් ඇති දරුවාය. එම දරුවා ඉගෙනීම මෙන්ම තමාගේ දක්ෂතා ඔප්නංවා ගැනීමට බොහෝ සේ කැපවෙයි. ආත්ම සම්මානනය පහළ පුද්ගලයන්ට කිසිවක් සඳහා කැපවීමට නොහැක. බොහෝවිට මත්ද්‍රව්‍ය, අපචාර වැනි තත්ත්වයන්ට යොමු වන්නේ සහ අධ්‍යාපනය අසාර්ථක කරගන්නේ මෙවැනි දරුවන්ය.

සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ කැපවීමයි. ආත්ම සම්මානනය මෙන්ම ආත්ම විශ්වාසය ද ඇති අය තම ජීවිත ශක්‍යතාව ඉක්මවා ගොස්, ජීවිත සාර්ථකත්වයේ අග්‍රඵලයට පැමිණෙති.

මනා සන්නිවේදන ක්‍රම (Effective Communication)

මනා සන්නිවේදන ක්‍රම ගැන දැනුම හා ඉංග්‍රීසි සහ අනෙකුත් භාෂා භාවිතයේ පරිපූර්ණත්වය සෙස්සන්ට වඩා දරුවාව සමාජයේ ඉතා ඉදිරියෙන් තබයි. ඉංග්‍රීසි, සිංහල, දෙමළ, චීන වැනි භාෂා සඳහා කුඩා කළ සිටම යොමුවීම සාර්ථකත්වයේ මූලික අඩිතාලමකි.

  • නිවැරදි ඊමේල් ලිවීම
  • Presentation skills
  • Negotiation skills
  • Report writing ඉතා වැදගත් අනාගත වෘත්තීය සන්නිවේදන මූලිකාංග අතර වේ.

පුද්ගල සංවර්ධනයට බලපාන තවත් මූලිකාංග කිහිපයක්

මීට අමතරව පුද්ගල සංවර්ධනය සඳහා කැපවීමෙන් ප්‍රගුණ කළ යුතු ශිල්පීය ක්‍රම හා භාවිතා රැසක් පවතින අතර ඉන් කිහිපයක් පහත දක්වා ඇත.

  • නිශ්චිත විෂය දැනුම සහිත උසස් හෝ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් (Qualifications)
  • වැඩ කරන පරිසරයේ ස්වාභාවය පදනම් කරගත් ප්‍රායෝගික අධ්‍යාපනය (Job Knowledge & Exposure)
  • මූලික තොරතුරු තාක්ෂණික දැනුම
  • කාලය කළමණාකරණය
  • ජීවිත වටිනාකම් (Life Values) සහ Self Management
  • ඉලක්කයක් තබා ගැනීම (Goal setting)
  • අන්තර්පුද්ගල සබඳතා හැකියාවන් / කණ්ඩායමක් ලෙස වැඩකිරීම (Interpersonal skills / Team work)
  • පෞරුෂ වර්ධනය (Personalty Development)
  • Responsibility & Accountability
  • නිරන්තර වෘත්තීය සංවර්ධනය (Continual Professional Development)

මෙම හැකියාවන් සහ ගුණාංග ප්‍රගුණකර ගනිමින් ඉහළ ඉලක්ක කරා යෑමට දරුවා දිරිමත් කිරීමට හා පෙළඹවීමට දෙමව්පියන් හට ඉතා බැරෑරුම් වගකීමක් තිබේ.

  • උසස් ඉලක්කයන් දරුවා සමඟ සාකච්ඡා කර ඔවුන් තුළ පෙළඹවීම ඇති කිරීම
  • සිතීමට හා ක්‍රියා කිරීමට ඔවුන්ට නිදහස ලබාදීම
  • පිළිගැනීම හා නිරන්තර දිරිගැන්වීම

බොහෝ මව්පියන් දරුවා තුළ අනාරක්ෂිත හැඟීම් ඇති කරයි. අනාරක්ෂිත දරුවා, ආරක්ෂක උපක්‍රමයක් ලෙස මනස් බාධක ගොඩනගා ගනියි.

දෙමව්පියන් වශයෙන් ඔබ, ඔබගේත් දරුවාගේත් ජීවිත සාර්ථකත්වය ගොඩනගා ගැනීමට අවශ්‍ය මූලික දෑ ගැන අද සිටම ගැඹුරින් අධ්‍යයනය කරන්න, සැලසුම් සදාගන්න, අසා දැනගන්න. වඩා වැදගත් වන්නේ ඔබගේ මාර්ගය නිවැරදි යැයි ඔබ සිතන්නේ නම් එම නිවැරදි මාවතේ යෑමට සෑම දිනයකදීම ඔබට තිබිය යුතු කැපවීමයි.

pace events

  • Sub Title goes here

    alt text

pace events

  • Sub Title goes here

    alt text

Copyright © 2015 PACE Institute. All Rights Reserved. Website Design, Development & Hosting by eBEYONDS