Together, We can make a real Difference

සාර්ථක ජීවිතයක් ගොඩනගාගැනීමට ඔබ කළයුතු දේවල් 10ක්

ජීවිතයේ සාර්ථකත්වය උදාකරගැනීමට හේතු වු කරුණු පිළිබඳව සිදු කෙරුණු ගවේෂණ වාර්තා කිහිපයක් හොදින් පරිශීලනය කරමින් ලියවුණු මෙම ලිපිය ඔබගේ ජීවිත සාර්ථකත්වයට මනා පිටුවහලක් වන බව අපි අපේක්‍ෂා කරමු. 

  1. ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න

    සාර්ථකත්වය යනු ඔබගේ හැකියාව හා සමානවම ඔබගේ විශ්වාසය මත රඳාපවතින සාධකයකි. අඩු ආත්ම විශ්වාසය (Low Confidence) නිසා ඔබ ක‍්‍රියාශීලී නොවේ. විශ්වාසය ගොඩනැගෙන්නේ මහන්සි වී වැඩකිරීම, සාර්ථකත්වයට පත්වීම සහ පසුබෑම් හා පරාජයන් තුලින් ඔබ තුල ඉතා පැහැදිලිව ඇති වන අවබෝධය නිසායි. නව වසරේ ඔබට සාර්ථකත්වය ළගාකරගැනීම සඳහා නිරන්තරයෙන් වැඩකරමින් ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න.

  2. ඔබේ හැකියාවන් වර්ධනය කරගන්න 

    ඔබේ සුවිශේෂි හැකියාවන් හා ශක්තීන් හනාගෙන එම හැකියාවන් ඔබේ වෘත්තීය දියුණුවට යොදා ගැනීමට කටයුතු කරන්න. ඔබ ඒවා භාවිතා කරන්නේ නම්, ඔබේ දැඩි කැමැත්ත (Passion) ඔබටම අවබෝධ වේ. ඔබේ හැකියාවන්ට වැඩි අවධානයක් යොමු කළ විට ඔබේ ජීවිතයේ සාර්ථකත්වය අත්කරගැනීමේ කටයුතුවල නිරත වේ.

  3. කල්වේලා ඇතිව ඔබ සූදානම් වන්න

    ජීවිතය, අධ්‍යාපනය හා වෘත්තීයේ නිසි ප‍්‍රතිඵල ලබා ගැනීමට පූර්ව සූදානමක් හා ඒ පිළිබඳ අභ්‍යාසය මැනවින් ඉවහල් වේ. ඔබ කරන සියලූ කටයුතු වලට පෙර සූදානම් වීම හා නිසි සැලසුමක් තබාගන්න. ඒ අනුව ඔබ සමාජය පිළිගන්නා සාර්ථක පුද්ගලයෙකු වේ.

  4. බුද්ධිමත්භාවය හා සමාජ කුසලතා වර්ධනය කරගන්න

    බොහෝ සාර්ථක පුද්ගලයන් මනා බුද්ධියකින් හා සමාජ කුසලතාවලින් පරිපූර්ණ අය වේ. කඩිසරබව හා සමාජ හැකියාවන් ඇති පුද්ගලයන් මනා පිළිගැනීමට හා ගෞරවයට පාත‍්‍රවේ. ඔවුන් නිරායාසයෙන්ම සාර්ථක නායකයන් බවට පත්වේ. සමාජ කුසලතා (Social Skills), වෘත්තීය දක්‍ෂතා (Career Competencies), මෘදු කුසලතා (Soft Skills) හා සමාජ ආචාර ධර්ම (Etiquette) ඉගෙන ගන්න. සාර්ථක ජීවිතයකට සහ රැකියාවකට එය ඉතා වැදගත් වේ.

  5. දියුණුවන මනසක් ඇති කරගන්න

    ස්ථාවර මනසක් ඇති පුද්ගලයින් සැමවිට සිතන්නේ චරිතය, බුද්ධිය හා නිර්මාණශීලිත්වය වෙනස් කළ නොහැකි සාධකයන් බවයි. අසාර්ථකත්වයට අකමැති පුද්ගලයා සැමවිට කුසලතා හා කාර්යශූරත්වය ප‍්‍රදර්ශනය කරයි. දියුණුවන මනසක් ඇති පුද්ගලයා පරාජය ජයග‍්‍රහණයේ මාවත ලෙස දකිමින් අභියෝග, ගැටළු හමුවේ නොසැලී කටයුතු කිරීම හා විවේචනවලින් පාඩම් ඉගෙන ගනිමින් සාර්ථකත්වයේ හිනි පෙත්තට නගියි. ඔබ ඔබවම ජයග‍්‍රහකයෙකු ලෙස විශ්වාස කරමින් හා කලහැකියි යන මානසිකත්වයක් ඇති කරගන්න. ඒ අනුව ඔබේ ඉලක්ක හමුවේ දිනපතා ඉතා උනන්දුවෙන් හඹායන්න.

  6. දිර්ඝ කාලීන ඉලක්ක සඳහා දැඩි කැමැත්තක් හා උද්යෝගයක් පෙන්වන්න

    දිර්ඝ කාලීන ඉලක්ක වෙත ළඟාවීමට ඔබ අනිවාර්යෙන් දැඩි කැමැත්තක් ඇති කරගන්න. අසාර්ථක වීම සාමාන්‍ය වුවත්, ඒවා හමුවේ නැවත නැගි සිටිමට අධිෂ්ඨාන කරගන්න. ඔබ කුඩා දරුවෙකු, තරුණයෙකු හෝ වැඩිහිටි පුද්ගලයෙකු වුවත් ඔබට අභියෝගවලට හා ජයග‍්‍රහණවලට මුහුණ දීමේ ශක්තිමත් පුරුද්දක් තිබිය යුතු වේ. සැබෑ සාර්ථකත්වය යනු ඔබේ අනාගතය සමඟ කටයුතු කිරීමයි. සාර්ථකත්වය යනු දිගු දුර දිවීමක් විනා මීටර් 100 වැනි කෙටි දුර දිවීමක් නොවේ. ඒ අනුව ඔබේ උසස්ම අරමුණු ඉටුකර ගැනීම සඳහා ජීවිතයට මුහුණ දෙන්න.

  7. ඔබේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්න

    සතුටුදායක ජීවිතයක ඉතාමත් වැදගත් අංශය වන්නේ ආත්ම විශ්වාසයයි. ඔබ යම් කටයුත්තක් කරන විට ආත්ම විශ්වාසයෙන් ඔබේ ජීවිත ඉලක්ක වෙත ළඟාවීමේ සැහැල්ලූ මනසක් ඇති කරගන්න.  පරමාදර්ශී චරිත පිළිබඳ අධ්‍යයනය කරමින් ඔවුන් අනුගමනය කරන්න. ඒ අනුව ඔබේ සාර්ථකත්වය ළගා කරගන්නට කටයුතු කරන්න.

  8. ඔබේ සමාජ සබඳතා ශක්තිමත් කරගන්න

    හොඳ හා වටිනා සම්බන්ධතා ඔබේ සතුටට හා ජීවිත සාර්ථකත්වයට මෙන්ම අධ්‍යාපනයට හා වෘත්තීය සාර්ථකත්වයට රුකුලක් වේ. ඒ නිසා ඔබේ සම්බන්ධතා ගොඩනගා ගන්න. පුද්ගලයින් හා ආයතන සමඟ ඇති කරගන්නා සම්බන්ධතා මගින් ඔබේ දුර්වලතා හා හැකියාවන් ඔවුන් හඳුනාගෙන ඔබේ සාර්ථකත්වයට මග පෙන්වයි.

  9. නිසි වෘත්තීය අධ්‍යාපනයක් ලබාගන්න

    ඔබගේ ගමන් මග පිළිබඳව නිසි අවබෝධයක් ඇතිව ඊට සරිලන ලෙස වෘත්තීය හා ශ‍්‍රාස්ත‍්‍රිය  අධ්‍යාපනය ලබාගැනීම ඉතාම වැදගත්වේ. සුදුසුකම් ඉතා වැදගත් වුවත්, මෘදු කුසලතා (Soft Skills) සහ ජීවිත හා වෘත්තීය හැකියාවන් වර්ධනය කරගැනීම ඒ හා සමානවම වැදගත් වේ. ඔබේ උසස් අධ්‍යාපනයට පෙර ඔබේ සැබෑ හැකියාවන් හඳුනාගන්න. ඇතැම් වෘත්තීය ක්‍ෂෙත‍්‍ර ඔබේ පෞරුෂයට හා හැකියාවන්ට නොගැලපෙනු ඇත.

    රැකියාවක් ලබාගැනීම සඳහා පමණක් ඔබේ අධ්‍යාපනය සීමාවිය යුතු නැත. ඔබේ ජීවිතයේ සියලූ කටයුතු, බුද්ධිමත්භාවය, සමාජය, ක‍්‍රිඩා, පෞද්ගලික ජීවිතය, කලාත්මකභාවය, ආචාර ධර්ම ඇතුළු බෙහෝ දේ සඳහා උපකාරවන ලෙස අධ්‍යාපනය සැලසුම් කළ යුතුයි.

  10. ගුණධර්ම වලින් පරිපූර්ණ ජීවිතයක් ගොඩනගා ගන්න

    වඩාත් සාර්ථක වු පුද්ගලයන් ගුණධර්ම වලින් හෙබි ජීවිතයක් ගතකර ඇති අතර දිනපතා තර්ක කරමින් සමාජීය වරප‍්‍රසාද අපේක්‍ෂාවෙන් නිකරුණේ කාලය වැයකර නැත. ඔබේ අධ්‍යාත්මයත් සමඟ සම්බන්ධය හොදින් පවත්වා ගන්න. ඔබ ගැන හා ඔබ අවට පරිසරය ගැන අධ්‍යාත්මික අවබෝධය ඇති කරගැනීම මගින් වඩාත් පලදායි ජීවිතයක් ගතකිරීමට හැකියාව ලැබේ. ඔබේ ජීවිතයේ සැබෑ අරමුණු පිළිබඳව ඔබ අවබෝධ කරගත යුතු අතර බොහෝ දුරට  ඔබේ ජීවිතයේ සියලූ කටයුතු සිදුව ඇත්තේ ඔබේ සැබෑ මාර්ගය ඔබට ලගාකරගැනීමට හැකි වන ලෙසයි.

නිසි වෘත්තීය අධ්‍යාපනයක් සඳහා (Click Here)

pace events

  • Sub Title goes here

    alt text

pace events

  • Sub Title goes here

    alt text

Copyright © 2015 PACE Institute. All Rights Reserved. Website Design, Development & Hosting by eBEYONDS