All Blog Posts

විභාගයට සුදානම් වෙමු

Ready for the Exam

5.20 PM Friday / November 06, 2015

විභාගය ජිවිතයේ එක් කඩඉමක් පමණි. එයට මුහුණ දීමට හා සාර්ථකත්වය ලබා ගැනීමට සෑම දරුවෙක් තුලම නිසඟ හැකියාවන් ඇත. එම හැකියාව ඔපමට්ටම් කරගැනීමට නම්, හැකියාවන් පෙළ ගැස්වීමත්, නිසල මතකයත්, උත්සාහයත් අවශ්‍යය.

දැන් විභාගය ඉක්මනින් පැමිණ ඇත. මෙතැන් සිට සිත සහ කාර්යයන් පෙළ ගස්වා ගැනීමෙන් ඔබට විභාග ජයගත හැක. ඔබ ඉගෙනගෙන ඇති දෑ ප්‍රමාණවත්ය. ඔබ දන්නා දේ ප්‍රමාණවත්ය. ඔබ මෙතෙක් මහන්සියෙන් ඒ ඒ විෂය සදහා ඉගෙනීම සහ පාඩම් කර ඇත.ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ විභාග මොහොතේදී ඒ ඒ කාරණා මතකයට ගලා ගෙන ඒමටත්, එම කාරණා පැහැදිලිව ඉදිරිපත් කිරීමටත් ඔබ තුල නිසර්ගයෙන් ඇති ශක්තිය වැඩි දියුණු කිරීමයි.

ඔබ තුල ඇති ශක්තීන් වර්ධනය කර ගැනීමට ඔබට හැක. නිරන්තර පුහුණුවෙන්, ඉතා කෙටි දවස් ගණනකින් මෙය කල හැක. දැන් පටන් ගන්න. විභාගය අවසන් වනතුරුත් ඉන් පසුවත් මෙම ක්‍රම ප්‍රගුණ කරන්න. එවිට ඉදිරි අධ්‍යාපන මෙන්ම, ඉන් පරිබාහිර කටයුතු වලදී ඔබට විශිෂ්ඨයකු වීමට හැක.

Copyright © 2015 PACE Institute. All Rights Reserved. Website Design, Development & Hosting by eBEYONDS