All Blog Posts
ජීවිතේ දිනන්න මොන රැකියාවද මට හරියටම හරියන්නේ?
Wednesday / October 26, 2022

මේක අද ගොඩ දෙනෙකුගෙ හිතට වද දෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අධ්‍යාපනය හමාර කරල රැකියා ලෝකයට පිවිසෙන තරුණ දරුවන්ට. පාසල් ජීවිතේ දී ඒ දරුවො හිතන්නේ නැහැ මම තව අවුරුද්දකින් දෙකකින් තුනකින් රැකියා ලෝකයේ තරඟ කරන්න ඕනේ කියලා. ඒකට හැඩගැසීමක් නැති දරුවො රුවල් ඉරුණු නැව් වගේ. නූල් කැඩිච්ච සරුංගල් වගේ. කිසිම අරමුණක් නැතුව මොකක්ද මම කරන්නෙ කියලා හිත හිත ඉන්නවා. බොහෝදෙනෙක් රැල්ලෙ ගිහින් අනුන් කරන ඩිග්‍රී හරි උසස් අධ්‍යාපනය හරි පස්සේ යනවා. අද ලෝකයේ හොඳ රැකියාවක් කරලා ජීවිතේ ගොඩ නගන්නේ කොහොමද කියලා මුලින්ම දැනගෙන හිටියා නම් අනික් සේරටම වැඩිය ඉදිරියෙන් සාර්ථක අඩිතාලමක් දාලා රැකියාව වගේම මුළු ජිවිතේම සාර්ථක කරගන්න පුළුවන්.
රැකියා ලෝකයේ වැඩි ඉල්ලුමක් තියෙන ඉතා ලේසියෙන් ලබාගන්න පුළුවන් රැකියා තියෙනව. සම්ප්‍රදායෙන් පිටත තමන්ගෙ කැමැත්තට හා හැකියාවන්ට ගැලපෙන මගපෙන්වීමක් සහ වෘත්තීය අධ්‍යාපනයක් ලැබෙනවා නම් දරුවාටත් දරුවන් ගේ සාර්ථකත්වය නිරන්තරයෙන්ම බලාසිටින දෙමව්පියන් ටත් හිතට ලොකු සහනයක් වෙයි . දෙමව්පියන් වියදම් කරන හැම සතයටම වටිනා කමක් ලැබෙයි.
මොනවාද මේ රැකියා ලෝකයේ දැන් ඉතා ඉහළ ඉල්ලීමක් ඇති, දරුවන්ට ඉලක්කම් 6 ,7 salary ගන්න පුළුවන්? පිටරට ඉල්ලුමක් ඇති jobs මොනවද? ඒ ඒ පුද්ගලයන්ට සුදුසු jobs මොනවාද?
ඊළඟට මම මොකක්ද කරන්නෙ ඕනේ?
PACE Institute එක දරුවන්ට දෙමව්පියන්ට, රැකියාවේ වෙනසක් ඇති කරගන්න අපේක්ෂා කරන අයට අයට විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන්ට අත්වැලක් වෙන්න, ශක්තියක් වෙන්න කැමතියි.
අපිත් එක්ක කතා කරන්න. ඔබට මූලික දැනුම නැතත් ඔබ කැමති මඟ යන්න අපි ඔබට මුළු හදවතින්ම උදව්කරන්නම්. මුල ඉඳන්ම හෝ ඔබගේ දැනුම හෝ ශක්තිය අනුව ක්‍රමානුකූල ජීවිතයක් සාර්ථකව ගොඩනගාගන්න පටන් ගමු.