All Blog Posts

Linux ඉගෙනගැනීමෙන් ඔබට ඇති ප්‍රයෝජන මොනවද?

Monday / April 19, 2021

Linux යනු ලෝකයේ වඩාත්ම ප්‍රචලිත operating system එකකි. Operating system (OS) එකක් යනු ඔබගේ විද්‍යුත් සැකසුම් එකින් එක සම්බන්ධ කරන්නාවූ මෘදුකාංගයකි. OS එකකින් එය භාවිත කරන්නාට ලබා දෙන්නා වූ පහසුව කාගේත් අවධානය දිනාගන්නා කරුණකි. Linux භාවිතාවේ පහසුව අතින් ද ඉතාමත් ප්‍රසිද්ධ නාමයක් දිනා ඇත.

වෙනත් සමඟ සසඳා බැලූ විට Linuxහි ඇත්තේ ගෝලීය වශයෙන් එක්වූ අදහස් ගොන්නකි. එයට හේතුව Linux යනු Open source operating system එකක් වීමයි. එහි කේතය ඕනෑම කෙනෙකුට විවෘත නිසා ලොව වටා සිටින කේත ලියන්නන් නිරතුරුවම එය යාවත්කාලීන කරයි. මෙලෙස Linux හි ඉදිරි ගමනට සාධක වන්නේ එය වටා එක්රොක්ව සිටින පිරිසයි. හරි ආකාරව කේත හැසරවීම ඉගෙනගත්තාට පසු ඔබටත් Linux OS වැඩි දියුණු කිරීමට දායක වෙන්න පුළුවන්.

අප Linux ඉගෙනගත යුතු ඇයි?

මෙය Linux වලට ආධුනික බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක්. ලංකාවේ බොහෝමයක් දෙනා Windows මෙහෙයුම් පද්ධතියට හුරුවී සිටින නිසා එක්වර ම Linux භාවිතයට පුරුදු වීමේ වැදගත් කමක් දකින්නේ නැහැ. නමුත් ඔබ සිතනා පරිදි බොහෝ පරිගණක වල ස්ථාපනය කර ඇති Windows මෙහෙයුම් පද්ධතිය සහ අනෙක් මෘදුකාංග නීත්‍යානුකුල මාර්ග වලින් ලබාගත් ඒවා නොවේ. ඒවා මිලදී ගැනීමට නම් ඔබට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. නීත්‍යානුකුල නොවන මෘදුකාංග භාවිතයට එරෙහිව පියවර ගැනීම දැන් ලංකාවේද බොහෝ දුරට ක්‍රියාත්මකව ඇත. අනෙක් අතට ඔබ Linux භාවිතයට හුරු වුනොත් මෘදුකාංග අති විශාල ප්‍රමාණයක් නොමිලේම ලබාගත හැකියි.

ඔබ Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කර ඇත්නම් එහි වෛරස් ආරක්ෂණ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේ වැදගත්කම දැනටමත් දැනිල ඇති. ඒ සඳහා ඔබට අමතර මුදලක් වැය කිරීමට සිදු වෙනවා. නමුත් Linux මෙහෙයුම් පද්ධතිය වෛරස් ප්‍රහාර වලට ලක්වීමේ අවධානම ඉතා අවම මට්ටමක පවතිනවා. ඊට හේතුව Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණයට මුල් වූ Unix මෙහෙයුම පද්ධතිය ඉතා ආරක්‍ෂිත ලෙස නිර්මාණය කර තිබීමයි. ඒ නිසා Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමේදී වෛරස් ආරක්ෂණ මෘදුකාංගයක් අවශ්‍ය වන්නේ නැහැ.

ඔබට Windows හි නවතම සංස්කරණයක් ඔබේ පරිගනකයේ ස්ථාපනය කිරීමට නම් වැඩි හැකියාවන්ගෙන් යුත් දෘඩාංග (hardware) ඔබේ පරිගණකය සතුවිය යුතුයි. නමුත් Linux හි නවතම සංස්කරණයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කරන ගැනීමට එලෙස අධික වියදමයක් කළ යුතු වන්නේ නැහැ . ඊට අමතර ව පැරණි පරිගණක වල භාවිතා කිරීමට හැකි Linux නිකුතු ද ඔබට ලබාගත හැකියි. Linux මගින් ඔබගේ එදිනෙදා පරිගණක කටයුතු වලට වැඩි ආරක්ෂාවක් සහ පහසුවක් ලැබෙනවා එමෙන්ම ඒ හරහා ඔබට Windows වලින් ලැබෙන මුලාංග සියල්ලක්ම වාගේ ලබාගන්නත් පුළුවන්.

ඔබේ පරණ පරිගණකය තාමත් ඔබ සතුව ඇතත් එය භාවිතා කිරීම අපහසුද? එය ඉවත් කර දැමීමට ඔබ දැනටමත් සූදානම්ද ? එසේනම් එම අදහස අත්හරින්න. එය නැවත සක්‍රීය කිරීමට Linux OS වලට හැක. බොහොමයක් පැරණි පරිගණක ක්‍රියා කරන්නේ ඉතාමත් අඩු RAM එකකිනි. ඔබේ පරණ පරිගණකයේ RAM එක 128 MB වූවද Linux යටතෙහි තිබෙන යම් OS වල සහයෙන් එය සාර්ථකව සක්‍රීය කරගත හැක.

චිත්‍රපටි නැරඹීම සහ සංගීතයට සවන්දීම වැනි ක්‍රියාවන් වල යෙදීම තව තවත් පහසු කරමින් Linux වෙතින් ඔබ සඳහා Media Players රැසක් හඳුන්වා දෙනු ලබයි. මෙම media players වල විශේෂත්වය වන්නේ ඒවායේ ඇති විවෘතභාවය නිසා ඒවා වැඩි දියණු වීම සැම විටම සිදු වීමයි. තවද ඔබට අවශ්‍ය පරිදි විවිධ plugins භාවිතා කරමින් මෙම players ඔබට කැමති ලෙස වෙනස් කරගත හැක.

Linux සාර්ථක ලෙස උගත් අයෙකුට විද්‍යුත් ලෝකයේ ඉතා දිගු ගමනක් යෑමට හැකියාව ඇති බව ඔබට දැනටමත් වැටහෙනවා ඇති.මෙවැනි විෂයක් තනිවම ඉගෙන ගන්නවාට වඩා හරි දැක්මක් යටතේ ඉගෙනගැනීමට ඔබට අවස්ථා බොහොමයක් ඇත. අප PACE Institute ආයතනයේ ඇති Linux පාඨමාලා ඔබගේ දිගු ගමනට අත්වැලක් වන්නට නිර්මාණය කර ඇත.අදම ලියාපදිංචි වී සාර්ථකත්වය උදෙසා යන මෙම ගමනට පියමන් තබන්න.

Copyright © 2015 PACE Institute. All Rights Reserved. Website Design, Development & Hosting by eBEYONDS