All Blog Posts

Linux සමග ඔබගේ වෘත්තිය මාර්ගය වෙනස් කරගමු.

Monday / April 19, 2021

අපි පරිගණකයක් හෝ දුරකථනයක් අතට ගත් විට එහි සෑම මෘදුකාංගයකටම අපට එක මොහොතකින් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙය යම් අයකු ඉතාමත් විශ්මජනක දෙයක් විදිහට දුටුවත් ඇත්තටම එහි සිද්ධ වන දේ ක්‍රමලේඛකයෙක්ට (programmer) හෝ වෙනත් පරිගණක තාක්ෂණවේදියෙකුට ඉතා පහසුවෙන් තේරුම්ගත හැක.

විද්‍යුත් උපාංගයක මෙලෙස ක්‍රියාකාරකම් පහසු වෙන්නේ Operating System නිසා.බහුතරයක් පිරිසට මේ පිළිබඳව ඇත්තටම දැනුමක් නැත. එම නිසාම operating system හා සම්බන්ද දැනුම ඇත්තන්ට ඉතාමත් ඉහළ ඉල්ල්ලුමක් අද සාමාජයේ ඇත. Linux යනු ලෝකයේ බහුලව භාවිතා වන operating system එකකි.Linux හැසරවීමට සමත් වන්නෙකුට වෙනත් operating system හැසරවීම ඉතාමත් පහසු වේ.

Linux යනු ඇත්තටම කුමක්ද?

සරලව කියනවානම් Linux යනු open source operating system එකක්. එහි කේතය ඕනෑම කෙනෙකුට විවෘතයි. මෙයට ඕනෑම විද්‍යුත් උපාංගයක් සමග පහසුවෙන් හැඩගැසෙන්නට පුළුවන්. Linux සපයන එම පහසුව නිසාම එය Kernel එකක් ලෙස හඳුන්වනු ලබනවා. මෙය හැසිරවීම ඕනෑම කෙනෙකුට ඉතාමත් කෙටි කලකින් ඉගෙනගැනීමට පුළුවන්.Linux හි සංකීර්ණ කොටස් ද නැතුවාම නොවේ. එම නිසාම නිසි ආකාරව Linux ඉගෙනගත් අයෙකුට එවැනි සංකීර්ණ අවස්ථාවන් වලදී ඉතාමත් පහසුවෙන් එම ගැටලු නිරාකරණය කරගැනීමට හැක.

යමෙක් Linux ඉගෙනගැනීමට කැමැත්තෙන් සිටින්නේනම් C programming language පරිගණක භාෂාව හරි ආකාරව පුහුණුවීමෙන් ඔවුන්ට Linux සමඟ ඔවුන්ගේ පළමු අඩිතාලම ඉදිකර ගැනීමේ හැකියාව තියෙනවා. Linux හා සම්බන්ධ වන ක්‍රමලේඛකවරයෙකුට (programmer) ඉතාමත් හොඳ අනාගතයකට පාතබන්න අවස්ථාව සැලසෙනවා.

Linux ඉගෙන ගැනීමෙන් ඔබගේ රැකියාවට ලැබෙන ඵල ප්‍රයෝජන ගැන දැනගනිමු.

  1. Linux දැනගැනීමේ ප්‍රයෝජනය කවුරුන් හෝ ඔබගෙන් විමසුවොත් ඔබට දිය හැකි සුදුසුම පිලිතුර වන්නේ ඔබට විශිෂ්ට පෙළේ ආයතනයක් තුළ රැකියාවක් ලබාගැනීම සඳහා එය දායක වෙනවා යන්නයි. ඊට හේතුව වන්නේ Linux හා ඒ ආශ්‍රිත තාක්ෂණික පද්ධති වලට වෙළඳ පොළේ ඇති ඉහළ ඉල්ලුම‍යි. Linux දැනුම හා හැකියාව ඇති සේවකයින්ට ලොවපුරා හොඳ පිළිගැනීමක් තිබෙනවා.
    උදාහරණ :Yahoo,Dell,Fauji, Google,සහ Facebook යන ලෝකප්‍රකට විද්‍යුත් ආයතන Linux පිලිබඳ දැනුම ඇති අයව ඔවුන්ගේ සේවයට බඳවාගන්න පටන්ගෙන ඇත.
  2. Linux ඉගෙන ගැනීමෙන් ඔබගේ ඔබගේ හැකියාවන් වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙන අතර ඔබව වෘත්තීය වශයෙන් වෙනත් දිශාවකට යොමු වූවත් එම ප්‍රශ්නද නිරාකරණය කරගැනීමේ සුවිශේෂී හැකියාවන් ප්‍රගුණ කරගැනීමටද මග පෑදෙයි.
  3. Linux වෘත්තිකයෙකු වන ඔබට තමන් වටා ගොඩනැගී ඇති රැකියා වෙළඳ පොළෙහි ඇති විශාලත්වය නිසා, ඔබ කැමතිම හා ඔබට සුදුසුම රැකියාවක් තෝරාගැනීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා.
  4. ඔබගේ Linux දැනුම උපයෝගී කරගෙන කාර්යාලයේ අනෙකුත් කාර්ය මණ්ඩලයට උපදෙස් දීමේ හැකියාව වැඩිවීම සහ ඔබගේ ප්‍රායෝගික දැනුම සහ විශේෂ කුසලතාවයන් ප්‍රයෝග කර ගැනීමෙන් ආයතනික සුභසිද්ධියට සෘජුවම ඔබගේ දායකත්වය ලබාදිය හැක
  5. Linux මඟින් ඔබ තාක්ෂණිකවේදියෙක් පමණක්ද නොව විවිධ ගැටලු සඳහා සාර්ථක පිළිතුරු සපයන්නෙක් වීමටද හැක.

දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමඟ විද්‍යුත් ලෝකයේ නව පෙරළියන් සිදුවේ. එලෙස අප අතරට එන සෑම නව නිර්මාණයන් සඳහා Linux තම දායකත්වය ලබා දෙයි.Linux හා එක්ව ඉදිරි අනාගතයේ පෙරගම්න්කරුවෙකු වන්න ඔබටත් අවස්ථා බොහෝමයක් ඇත.

අනාගතයේ දියුණුවත් සමඟම Linux සඳහා සුවිශේෂී රැකියාවන් විශාල වශයෙන් බිහි වෙයි. තවද දැන්ම Linux ඉගෙන ගැනීමෙන් ඔබට අනාගතයේදී ඉතාමත් කෙටි කාලයක් තුළදී ද Linux වෘත්තීයට එක් වීමට හැකියාව උදාවේ. ඒ නිසා අදම Linux ඉගෙනුම සඳහා යොමුවන්න.

Copyright © 2015 PACE Institute. All Rights Reserved. Website Design, Development & Hosting by eBEYONDS